Saturday, April 27, 2024

General line - 0115112241

පාපන්දු තරගයකට රට යන්න කියා මන්ත‍්‍රී නාමල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට




මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් ඇප මත නිදහස් කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂට විදේශගත වීම සඳහා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය අද (03) අවසර ලබා දුන්නා. 

ඒ නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුවයි. 

ආසියානු නීතිඥ සංගමය විසින් වියට්නාමයේ පැවැත්වීමට නියමිත පාපන්දු තරගාවලියකට සහභාගී වීම සඳහා තමන්ට ලබන 22 වනදා සිට දින හතක කාලයක් විදෙස්ගත වීමට අවසර ලබා දෙන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.