Saturday, April 27, 2024

General line - 0115112241

ඉදිරි යල කන්නයේදි වැඩි වී අස්වැන්නක් ලබා ගැනිමට දැන් සිටම සැළසුම් කළ යුතුයි - ජනපති




ඉදිරි යල කන්නයේදි වැඩි වී අස්වැන්නක් ලබා ගැනිම සඳහා දැන් සිටම සැළසුම් කළ යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

ඔහු පෙන්වා දෙන්නේ පැවති නියං කාළගුණික තත්ත්වය මේ න විට පහව යමින් ඇති බවයි. 

හම්බන්තොට නව සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

මෙරට වගා නොකරන සියලූ ඉඩම් නැවත වගා කරමින් නිෂ්පාදන ක‍්‍රියාවලිය සඳහා යොදා ගැනීමට කාර්යක්ෂම වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.