Friday, April 26, 2024

General line - 0115112241

කොළඹ ප්‍රධාන පාසලක සිසුන් පිරිසක් අධික වේගයෙන් පැදවූ මොන්ටේරෝ රථය මහපාරේ පෙරළෙයි (PHOTOS)




කොළඹ කුරුඳුවත්ත තුරඟ තරඟ පිටිය ආසන්නයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් අද (20) පස්වරුවේ අනතුරකට ලක් වුණා.

අධික වේගයෙන් පැමිණ ඇති මෝටර් රථය එකවරම මාර්ගය මැද පෙරලී ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුන් පිරිසක් මෙහි ගමන් කර තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ සිසුන් 10 දෙනෙකු පමණ එහි ගමන් කර ඇති බවත් ඉන් 03 දෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පැවසුවා.

මෙය පාසල් වාර්ෂික ක්‍රිකට් තරගයකට සහය පළ කරමින් සංවිධානය කෙරෙන මෝටර් රථ පෙළපාලියකට සහභාගී වූ එකක් බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.