Friday, April 26, 2024

General line - 0115112241

අවසන් පන්දුවෙන් බංග්ලාදේශයේ සිහින බොඳ වෙයි (UPDATE)




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග අද (22)  පැවැති පුහුණු එක්දින ක‍්‍රිකට් තරගයෙන් ලකුණු 02 ක තියුණු ජයත් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමත් වුණා.

තරගය පැවැත්වුණේ කොළඹ සී.සී.සී ක‍්‍රීඩාංගණයේදීයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 354 ක් රැස් කළා.

එම ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ කණ්ඩාම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවී රැස් කර ගත්තේ ලකුණු 352 ක් පමණයි. 


 

------------------------------------------------------------

බංග්ලාදේශයට දැවැන්ත ඉලක්කයක්

(22-03-2017 14:58)

 

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු එක්දින කි‍්‍රකට් තරගය කොළඹ සී.සී.සී. කී‍්‍රඩාංගණයේදි දැන් පැවැත්වෙනවා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 354 ක් රැස් කිරීමට සමත් වුණා.

කුසල් ජනිත් පෙරේරා, සදුන් වීරක්කොඩි සහ ධනංජය ද සිල්වා මෙහිදී අර්ධ ශතක වාර්තා කිරීම විශේෂත්වයක්.

තිසර පෙරේරා පන්දු 30 ක දී ලකුණු 41 ක් රැස් කිරීමට සමත් වුණා.

දසුන් ශානක පන්දු 12 කදී නොදැවී ලකුණු 26 යි. ලකුණු 355 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන බංග්ලාදේශ කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 04 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 11 ක් ලබා සිටියා.