Sunday, May 5, 2024

General line - 0115112241

යුක්තියෙන් අල්ලන කුඩුවලට කරන දේ පොලිස්පති පළමුවරට නෙත් නිවුස් වෙත හෙළි කරයි




යුක්තිය මෙහෙයුමේදී පොලිස් භාරගයට ගැනුනු මත්ද්‍රව්‍ය කිලෝ 100කට අධික ප්‍රමාණයක් එළඹෙන මැයි මාසයේදී විනාශ කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

නෙත් නිවුස් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පොලිස්පතිවරයා කියා සිටියේ අධිකරණ ක්‍රියාමාර්ග අවසන්වීමට පෙර මත්ද්‍රව්‍ය විනාශ කිරීමට නව නීති සංශෝධන මඟින් ලැබී ඇති අවස්ථාව යටතේ එම මත්ද්‍රව්‍ය විනාශ කරන බවයි. 

යුක්තිය මෙහෙයුම හේතුවෙන් බන්ධනාගර තුළ තදබදයක් නිර්මාණය වුවද එය එම මෙහෙයුම නතර කිරීමට හේතුවක් නොවන බවයි පොලිස්පතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සමඟ සිදුකළ මෙම සම්පූර්ණ සාකච්ඡාව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.