Friday, April 26, 2024

General line - 0115112241

තීරණාත්මක දේශපාලන සහ ආර්ථීක තීරණ කිහිපයක් ගැනීමට ජනපති සූදානම්




ඉදිරි සති කිහිපය ඇතුළත දේශපාලන සහ ආර්ථීක වශයෙන් වැදගත් තීන්දු කිහිපයක් ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. 

මුදල් අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

ආර්ථීකයේ, ආණ්ඩුවේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරත්වය වෙනුවෙන් ජනාධිපතිවරයා මෙම තීන්දු ගනු ඇති බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන වැඩිදුරටත් සදහන් කළා. 

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වූ ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබද අමාත්‍ය චන්දිම වීරක්කොඩි පැවසුවේ 
මුදල් අමාත්‍යවරයා ලබාදෙන සෑම නිර්දේශයක්ම ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් නොමැති බවයි. 

ඛණිජ තෙල් සංස්ථාව ඇතුළු තවත් ආයතන කිහිපයක් සමග මුදල් අමාත්‍යංශය පසුගිය දා අත්සන් තැබූ ඒකාබද්ධ ගිවිසුම පිළිබද මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.