Saturday, April 27, 2024

General line - 0115112241

විල්පත්තුව රැකගන්න ජනපති රුසියාවේදී ගැසට් නිවේදනයකට අත්සන් තබයි




විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලූම රක්ෂිත වනාන්තර එක්කර තනි සංරක්ෂිත වනාන්තරයක් ලෙස නම් කර තිබෙනවා. ඒවා නම් කර ඇත්තේ මාවිල්ලූ සංරක්ෂිත වනාන්තරය ලෙසයි. ඊට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් රුසියාවේ මොස්කව් නුවර දී අද (24) අත්සන් තබනු ලැබුවා. 

ප‍්‍රකාශිත සංරක්ෂිත වනාන්තරයේ මායිම් වෙනස් කිරීමක් සිදු කළ යුතු වන්නේ නම් එය කළ හැක්කේ විෂයභාර අමාත්‍යවරයාගේ නියමයක්, ජනාධිපතිවරයා අනුමත කර පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබීමෙන් පසුවයි. ඒ අනුව නම් කරන ලද නව සංරක්ෂිත වනාන්තරය සඳහා උපරිම නීතිමය ආවරණය ලැබී එහි ආරක්ෂාව තවදුරටත් තහවුරු වනු ඇති. 

විල්පත්තු වනෝද්‍යානය හා ඊට යාබද වනාන්තර අනවසරෙයන් එළිපෙහෙලි කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ද සිදු කෙරුණා. එහිදී අනාවරණ වී ඇත්තේ 2012 - 2013 වසරවල දී මුදාහැර ඇති වනාන්තර ඉඩම්වලට අමතරව වෙනත් වනාන්තර හෙළි කිරීමක් සිදුව නොමැති බවයි.