Friday, April 26, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ  ප‍්‍රතිඵල මෙතැනින් බලන්න 




2016 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ප‍්‍රතිඵල පරික්ෂා කිරීමේදී නියමිත කොටුවේ ඔබේ නිවැරදි විභාග අංකයම ඇතුළත් කිරීමට වග බලා ගන්නා ලෙසයි විභාග දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ. 

කිසියම් පැමිණිල්ලක් හෝ විමසිමක් කිරිමට අවශ්‍යනම් 1911 ක්ෂණික ඇමතුම් අංකය පැය 24 පුරාම ඒ සඳහා විවෘතව තිබෙනවා. 

කෙසේ වෙතත් වෙබ් අඩවියේ පළ කර ඇති විභාග ප‍්‍රතිඵල සටහන විභාග සහතිකයක් ලෙස භාවිත කළ නොහැකි බවයි විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ. 

2016 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉකුත් දෙසැම්බර් මස 06 වනදා සිට 14 වනදා දක්වා පැවැත්වුණා. 

ඊට පෙනී සිටි විභාග අපේක්ෂකයන් ගණන පන්ලක්ෂ පනස් දහසකට ආසන්නයි.  

අන්තර්ජාලයට මුදා හැර ඇති එම ප‍්‍රතිඵල පහත සබැඳියෙන් ගොස් දැන ගත හැකියි.

http://www.doenets.lk/exam/