Friday, April 26, 2024

General line - 0115112241

බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට




දූෂන චෝදනා මත බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු හිටපු ජනාධිපති පාර්ක් ග්‍යුන් හේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. 
මූල්‍ය අක‍්‍රමිකතා චෝදනා හේතුවෙන් හිටපු ජනාධිපති පාර්ක් ග්‍යුන් හේ මෙම මස මුලදී ධුරයෙන් ඉවත් කෙරුණා.