Friday, April 26, 2024

General line - 0115112241

අගමැති යොවුන් පුරයේ




රට මුහුණපා ඇති ණය උගුල සම්පත් කර ගනිමින් රට සංවර්ධනයට වත්මන් ආණ්ඩුව ක‍්‍රියාකරමින් සිටින බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ත‍්‍රීකුණාමලය මැක්හෙයිෂර් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන යොවුන් පුරයේ නිරීක්ෂණ චාරිකාවකට අද එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

හුගාක් රටවල් මෙවැනි ණය අරගෙන නැගිටීමට වත් නොහැකි තත්ත්වයක සිටියත් අපට පුළුවන් වෙලා තිබෙනවා මේ ණය ගෙවිය හැකි ආකාරයට ආර්ථිකය හසුරුවාගැනීමට. අපේ මුදල් විශාල ප්‍රමාණයක් ඒ සදහා වියදම් වන අතර ඉතිරිවන මුදලින් අප මෙම සංවර්ධන කටයුතු කෙසේ හෝ සිදුකරනු ලබනවා. මේ අමාරුම කාලය පසු කරමින් මුදල් හොයාගෙන ඉදිරියට ගමන් කිරීම අපගේ බලාපොරොත්තුවයි.