Friday, April 26, 2024

General line - 0115112241

කැලිෆෝනියාවේ විද්‍යාලයකට වෙඩි ප‍්‍රහාර - තිදෙනෙකු මරුට (PHOTOS)




අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ප‍්‍රාථමික විද්‍යාලයක සිදු වූ වෙඩි තැබීමකින් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු මිය ගොස් තිබෙනවා. 

විදෙස් පුවත් වාර්තා අනාවරණය කළේ වෙඩි ප‍්‍රහාරයෙන් තවත් සිසුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි. 

මිය ගිය දරුවාගේ වයස අවුරුදු 08ක්. 

විද්‍යාලයේ ගුරුවරියකගේ ස්වාමි පුරුෂයෙකු විසින් ඇය රැඳී සිටි පන්ති කාමරයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා. 

වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ අදාල සිසුන් තිදෙනා ගුරුවරිය අසලම රැඳී සිටි බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.