Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්ෆ්ලූවෙන්සා රෝගීන්ට දෙන ඖෂධයේ හිගයක් නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශය




ඉන්ෆ්ලූවෙන්සා වෛරසය ආසාදනය වූ රෝගීන්ට ලබාදෙන ඖෂධයේ කිසිදු හිගයක් නොමැති බව වෛද්‍ය සැපයුම් අංශය පවසනවා. 

එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ලාල් පනාපිටිය සදහන් කළේ ඉකුත් සති කිහිපය තුළ ඉන්ෆ්ලූවෙන්සා වෛරසය රට පුරා සීග‍්‍රයෙන් ව්‍යාප්ත වූ බවයි. 

එම නිසා වෛරසය ආසාදනය වූ රෝගීන්ට ලබාදෙන ඖෂධය සාමාන්‍ය අවශ්‍යතාවට වඩා සියයට පහලොස් ගුණයකින් පමණ වර්ධනය වී තිබෙනවා. 

ඒ අනුව හදිසි තත්ත්වයකදී භාවිතයට ගැනීම සදහා වෙන්කර තිබූ ඖෂධ තොගද රෝහල් සදහා නිකුත් කර තිබුණා. 

වැඩිවන අවශ්‍යතාවන්ට සැපයීම් සිදුකිරීම සදහා දේශීය වශයෙන් මෙම ඖෂධය හදිසි මිළදී ගැනීම් සිදු කිරීමටද වෛද්‍ය සැපයීම් අංශය කටයුතු කර තිබෙනවා.