Saturday, April 27, 2024

General line - 0115112241

තනතුර නැති වුණාට වයඹ සභාපතිත් සතුටින්




ආසන සංවිධායක ධුරය අහිමිවීම සම්බන්ධයෙන් කිසිදු කණගාටුවක් නොමැති බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ පොල්ගහවෙල ආසනයේ හිටපු සංවිධායක වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි අධිකාරී පවසනවා. 

ඔහු කියාසිටියේ තමා පක්‍ෂය වෙනුවෙන් කළහැකි උපරිම සේවය ඉටුකළ බවයි. 

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ගොඩනැගීම සදහා තවදුරටත් කැපවී සිටින බවයි වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි අධිකාරී කියාසිටියේ.

ටිකිරි අධිකාරි පොල්ගහවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර මේ සදහා පත් කෙරුණේ හිටපු අමාත්‍ය ජයරත්න හේරත්. 

හිටපු අමාත්‍ය ජයරත්න හේරත් එහිදි ප‍්‍රකාශ කළේ නව වගකීම සම්බන්ධයෙන් පසුව ප‍්‍රකාශයක් සිදුකරන බවයි.

මේ අතර නිකවැරටිය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායක ධුරයෙන් තමා ඉවත් කිරීම පිළිබදව තමා සතුටට පත්වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජොන්ස්ටන් ප‍්‍රනාන්දුද ප‍්‍රකාශ කර තිබුණා.