Friday, April 26, 2024

General line - 0115112241

මීතොටමුල්ල සිද්ධියෙන් ජීවිත හානි වු පුද්ගලයන්ට රුපියල් ලක්ෂය බැගින් වන්දි




මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන්  මිය ගිය පුද්ගලයෙකුට රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යංශය පවසනවා. 

දේපළ හානි සඳහා උපරිම වශයෙන් රුපියල් ලක්ෂ 25ක් දක්වා වන්දි ගෙවීමට කටයුතු කරන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ. 

මෙම ආපදාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණයකට අනුව ඒ සඳහා දැනටමත් අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවද මුදල් අමාත්‍යංශය සඳහන් කළා.