Friday, April 26, 2024

General line - 0115112241

රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තිදෙනා යලි රිමාන්ඞ්




වැලිවේරිය රතුපස්වල ප‍්‍රදේශයේ විරෝධතාවක නිරත වූ තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා සාමාජිකයන් තිදෙනා ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 

ඒ, එම සැකකරුවන් අද ගම්පහ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. 

යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයෙකු, සැරයන්වරයෙකු සහ කෝප‍්‍රල්වරයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ මාර්තු මස 24 වන දිනයි.