Friday, April 26, 2024

General line - 0115112241

කුණු ප්‍ර‍ශ්න ඔඩු දුවයි - රට තැන තැන විරෝධතා




කොළොන්නාවේ කැළි කසල තම ප‍්‍රදේශයට රැගෙන ඒමට විරෝධය පළ කරමින් කොටිකාවත්ත ප‍්‍රදේශවාසීන් පිරිසක් අද (18) විරෝධතාවක නිරත වුණා. ඒ, කොළඹ - අවිස්සාවේල්ල ප‍්‍රධාන මාර්ගය කොටිකාවත්ත පොදු සුසාන භූමිය අසලින් අවහිර කරමින්. කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී නාලක රාමනායකද මෙම විරෝධතාවට එක්ව සිටියා. 

මේ අතර, කොළඹ එක් රැුස් වන කසළ බැහැර කිරීමට එරෙහිව දොම්පේ ප‍්‍රදේශවාසීන් පිරිසක්ද අද විරෝධතාවක නිරත වුණා. ඒ, කිරි`දිවැල මාලිගාවත්ත ක‍්‍රීඩාංගණය අසළ ඇති කසල බහාලන ස්ථානයේදියි. 

එමෙන්ම වත්තල ප‍්‍රාදේශිය බල ප‍්‍රදේශයේ එක් රැුස් වන කසල මුතුරාජවෙල ප‍්‍රදේශයට බැහැර කිරීමට එරෙහිවද අද විරෝධතාවක් පැවැත්වුණා. ඒ, වැලිසර  තොටුපළ පාරේ ශාන්ත ජාකෝබ් මාවත ප‍්‍රදේශයේදියි. කසළ රැුගෙන පැමිණි ට‍්‍රැක්ටර් රථ දෙකක්ද විරෝධතාකරුවන් විසින් මෙහිදි හරවා යැවුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එම ස්ථානයට පැමිණි අමාත්‍ය ජෝන් අමරතුංගටද මෙහිදි ප‍්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.