Friday, April 26, 2024

General line - 0115112241

ඕස්ටේ‍්‍රලියාවට පැමිණෙන විදේශිකයින්ට රැකියා තහනමක්




ඕස්ටේ‍්‍රලියාවේ ක‍්‍රියාත්මක ‘‘ෆෝ ෆයිව් සෙවන්‘‘ වීසා ක‍්‍රමය අත්හිටුවීමට එරට රජය තීරණය කර තිබෙනවා. 

ඔස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ මෙම ක‍්‍රමය වෙනුවට විශේෂිත තාවකාලික වීසා ක‍්‍රමයක් හඳුන්වාදෙන බවයි. 

ක‍්‍රියාත්මක වූ ඔස්ටේ‍්‍රලියානු ‘‘ෆෝ ෆයිව් සෙවන්‘‘ වීසා ක‍්‍රමයට අනුව එරටට පැමිණෙන විදේශිකයින්ට රැකියා සඳහා අවස්ථාව හිමිවුණා. 

කෙසේ වෙතත්  ඕස්ටේ‍්‍රලියානුවන්ට වැඩි වශයෙන් එරට රැකියා ලබා දීම සඳහා කාලය එළඹ ඇති බවයි  ඕස්ටේ‍්‍රලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පැවසුවේ. 

සේවා පළපුරුද්ද, ඉංග‍්‍රීසි දැනුම සහ ශ‍්‍රම වෙළඳපොළේ තත්ත්වය මත විශේෂිත තාවකාලික වීසා ක‍්‍රමය හරහා එරටට පැමිණෙන වැසියන්ට රැකියා ලබාදීමට කටයුතු කරන බවද ඔස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළා.