Saturday, April 27, 2024

General line - 0115112241

හැටන්, කුඩුඔය දී ගැටුමකින් අයෙක් මරුට - සිව් දෙනෙකු තුවාල (PHOTOS)




හැටන් කුඩු ඔය වතුයායේ හින්දු කෝවිලක පැවති උත්සවයක් අතරතුර දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලැබුවා. 

අදාළ කෝවිලේ දින පහක් පුරා පැවති උත්සවයක් අවසානයේ ඊයේ රාත‍්‍රියේ මෙම ගැටුම හටගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

දීර්ඝ කාලයක සිට පැවති ආරවුලක් මෙම ගැටුමට හේතු වී තිබෙනවා. 

මියගොස් ඇත්තේ එම ප‍්‍රදේශයේම පදිංචිව සිටි 26 හැවිරිදි එක්දරු පියෙක්. 

තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් ඔහු මියගොස් තිබෙනවා. 

තුවාල ලැබූවන් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ නාවලපිටිය මූලික රෝහලටයි. 

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති අතර ප‍්‍රධාන සැකකරු ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි හැටන් පොලිසිය සඳහන් කළේ.