Saturday, April 27, 2024

General line - 0115112241

මීතොටමුල්ලේ විපතට පත් වූවන්ට නිවාස ලබා දීම අද සිට




මීතොටමුල්ල කසළකන්ද කඩා වැටිමෙන් නිවාස අහිමි වූ පවුල් 98කට නව නිවාස ලබා දීම අද ආරම්භ වනවා. 

ආපදා කළමණාකරණ අමාත්‍යංශඑයේ ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන්නා.  

යුද හමුදාවේ  මෙහෙය වීමෙන් ඉදිරි මාස කිහිපය ඇතුළත ප්‍රදේශයේ කසළ ඉවත් කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී උපදෙස් ලබා දුන්නේ. 

මේ අතර, කඩා වැටුණු කසළ කන්දට යටවී අතුරුදන් වූ පුද්ගලයන් සොයා අද දිනයේද මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.