Friday, April 26, 2024

General line - 0115112241

ඔස්ටේ‍්‍රලියාවේ පුරවැසි භාවයට ඉංග‍්‍රීසි විභාගයක් සහ බහුවරණ ප‍්‍රශ්න පත‍්‍රයකුත් එයි




ඔස්ටේ‍්‍රලියාවේ පුරවැසිභාවය ලබා දීම සඳහා සලකා බැලෙන සුදුසුකම් තවදුරටත් දැඩි කිරීමට එරට රජය තීරණයකර තිබෙනවා. 

ඒ අනූව ඔස්ටේ‍්‍රලියාවේ පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට නම් කෙනෙකු අවම වශයෙන් වසර 04ක කාලයක් එරට ස්ථීරව පදිංචිව සිටිය යුතුයි. 

ඉංග‍්‍රීසි භාෂාවේ ප‍්‍රවීණත්වය මැන බලන පරීක්ෂණයකට ද මුහුණ දීමට ඔවුන්ට සිදු වනවා. 

මීට අමතරව ඔස්ටේ‍්‍රලියාවේ පුරවැසිභාවය ඉල්ලූම් කරන්නන් සඳහා එරට වටිනාකම් පිළිබඳ බහුවරණ පරීක්ෂණයක් ද පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. 

මෙම විභාගය අවස්ථා 03කට වඩා අසමත් විය නොහැකි බව ද නව රෙගුලාසිවල දැක්වෙනවා.