Saturday, April 27, 2024

General line - 0115112241

දඩයමේ ගිය හතර දෙනෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට




සතුන් දඩයම් කිරීම සඳහා හගුරන්කෙත ලූල්කඳුර ඉහළ කොමග රක්ෂිතයට අයුතු ලෙස ඇතුළු වූ පුද්ගලයින් හතර දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔවුන් ළඟ තිබී බලපත‍්‍ර නොමැති බෝර දොළහේ ගිනි අවියක් ද පතොරම් හතරක් ද සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ. 

සතුන් දඩයම් කිරීම සඳහා මෙම ගිනි අවිය යොදා ගෙන ඇතැයි සැක කෙරෙනවා.