Friday, April 26, 2024

General line - 0115112241

තලෙයිබාන් ප්‍රහාරයෙන් මියගිය ගණන ඉහළට 




ඇෆ්ගනිස්ථාන හමුදා කඳවුරකට ඊයේ එල්ල වූ තලෙයිබාන් ප්‍රහාරයෙන් මියගිය හෝ තුවාල ලැබූ සෙබළුන්ගේ සංඛ්‍යාව සියය ඉක්මවා තිඛෙනවා. 

ප්‍රහාරයෙන් පසු පැය ගණනාවක් දෙපාර්ශවය අතර ගැටුම් පැවති බවයි බී බී සී ලෝක සේවය පවසන්නේ. 

ආරක්ෂක වළල්ල බිඳ  දැමීම සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් ද යොදා ගනිමින් මෙම ප්‍රහාරය සිදු කළ බව තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කර තිඛෙනවා. 

හමුදා කඳවුරේ මුස්ලිම් පල්ලියේ සහ ආපන ශාලාවේ සිටි සෙබළුන් ප්‍රහාරයට ඉලක්කය වී තිබූ බවයි ඇෆ්ගනිස්ථානය කියා සිටියේ.