Saturday, April 27, 2024

General line - 0115112241

සිය ඉල්ලීම් ඉටුවන තුරු ඛණිජ තෙල් වෘත්තීය සමිති අඛන්ඩ වැඩවර්ජනයක




අද (23) මධ්‍යයම රාත‍්‍රියේ ආරම්භ කරන වැඩවර්ජනය සිය ඉල්ලීම් ඉටුවන තුරු අඛන්ඩව සිදු කරන බව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක බන්දුල සමන් කුමාර කියා සිටියේ ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමට විරෝධය පළ කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් දිනා ගැනීම සඳහා මෙම වැඩවර්ජනය සිදු කෙරෙන බවයි.

මේ නිසා රට පුරා තෙල් බෙදා හැරීම අඩාල වී තෙල් හිඟයක් ඇති විය හැකි බවටද ඔහු අනතුරු ඇඟවූවා.

ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පවරා නොදෙන ලෙස මීට පෙර අවස්ථා ගණනාවකදී ආණ්ඩුවටට බල කර සිටි බවයි ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව වැඩි දුරටත් පවසන්නනේ.

සියසෙසු  ඉල්ලීම් ඉටු කර ගැනීමටද සාකච්ඡා පැවැත් වූ බව ඔවුන් පැවසුවා.

එහෙත් ඒ කිසිවකට යහපත් ප‍්‍රතාචරෙ නොලැබුණු නිසා අද මධ්‍යම රාත‍්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් කැඳවූ බවයි මෙහිදී වැඩි දුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ අක‍්‍රීය වූ ජනන යන්ත‍්‍රය අලූත් වැඩියාවන් අවසන් කිරීමෙන් පසු ජාතික පද්ධතියට එක් කිරීමට මේ වනවිට සූදානම් කෙරෙමින් තිබෙනවා.