Friday, April 26, 2024

General line - 0115112241

විදේශිකයින් රැගත් වෑන් රථයක් දක්ෂිණ අධිවේගයේදී ගිනි ගනියි (PHOTOS)




විදේශිකයන් පිරිසක් රැගෙන දක්ෂිණ අධිවේගයේ ගමන් ගත් වෑන් රථයක් අද පස්වරුවේ හදිසියේ ගිනි ගෙන තිබෙනවා. 

ඒ, බද්දේගම සහ කුරුඳුගහ හැතැප්ම පිවිසුම අතර 72වන කිලෝ මීටර කණුව අසළදීයි. 

විදේශිකයින් පිරිස කොළඹ බලා පැමිණෙමින් සිටියදී මෙම ගින්න හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

ගින්නෙන් වෑන් රථය සම්පූරණයෙන්ම විනාශ වුණා. 

එහෙත් සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ. 

ගින්න හටගත් හේතුවද මෙතෙක් අනාවරණ වී නොමැති බවයි අධිවේගි මාර්ග මෙහෙයුම් කාර්යාලය සඳහන් කළේ.