Friday, April 26, 2024

General line - 0115112241

ප්‍රමිත අප්පච්චී වෙනුවෙන් සටන් වදී




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කළ තම පියා වෙනුවෙන් සටන් කරන බව මධ්‍යම පළාත් සභා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත්කළ නව ආසන සංවිධායකවරු හා දිස්ත‍්‍රික් සංවිධායකවරු 17 දෙනෙකු ජනාධිපතිවරයා අතින් අද පත්වීම් ලිපි ලබා ගත්තා. ඒ  අනුව පාතදුම්බර ආසනයේ නව සංවිධායකවරයා වන්නේ සමරජීව බණ්ඩාර වෙලගෙදරයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොහාන් රත්වත්තේ පාතදුම්බර ආසනයේ සංවිධායකවරයා ලෙස කටයුතු කළා. 
මහියංගණය ආසනයේ නව සංවිධායකවරයා වන්නේ කේ පී ගුණවර්ධනයි. පළාත් සභා මන්ත‍්‍රී අනුර විදානගමගේ එම ආසනයේ සංවිධායකවරයා ලෙස කටයුතු කළා. 

දඹුල්ල ආසනයේ සම සංවිධායකවරුන් ලෙස ඩබ්ලිව් එම් යසමාන හා යූ ආර් දයා නන්දසිරි පත් කෙරුණා. දඹුල්ල ආසනයේ සංවිධායකවරයා ලෙස කටයුතු කළේ හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්.