Friday, April 26, 2024

General line - 0115112241

IPL ගිය අසේල ගුණරත්නත් ලංකාවට ඇවිත්




මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියට එක්ව සිටි අසේල ගුණරත්නද ඊයේ (01) දිවයිනට පැමිණි බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල සඳහන් කළා.

අසේල ගුණරත්නට මෙතෙක් පැවැති අයි.පී.එල්. තරගවලදී කිසිඳු තරගයක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වූයේ නැහැ. දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ගේ දක්ෂතා උපරිම අන්දමින් පැවතීම ඊට හේතුව වී ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත් අසේල ගුණරත්න නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දක්වමින් සඳහන් කළේ වීසා අලුත් කර ගැනීම සඳහා මෙලෙස ලංකාවට පැමිණීමට සිදු වූ බවයි. 

මේ අතර ශූරයින්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් ලබන 9 වැනිදා සිට ආරම්භ වන පුහුණුවිම් සඳහා සහභාගි වන ලෙසට නායක ඇන්ජලෝ මැතිව්ස්ටද දන්වා ඇතැයි තිලංග සුමතිපාල අද පැවැති මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළා.

ලසිත් මාලිංග අයි.සී.සී. ශූරයින්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියට එක්වීමේ සුදානම පිළිබඳව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවති මෙම මාධ්‍ය හමුවේදි අදහස් පළ වුණා.

එහිදී අදහස් දැක් වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල සඳහන් කළේ ලසිත් මාලිංගව ක්‍රමක්‍රමයෙන් පන්දුවාර 06, 08 සහ 10 වෙත යොමු කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි.

ශ්‍රී ලංක පිළ ජයග්‍රහණය කරා යොමු කිරීමට ලසිත් මාලිංගට කළ හැකි උපරිමය සිදු කරන බවට ඔහු විසින් දැඩි අධිෂ්ඨානයකින් පසුවන බවද සඳහන් කෙරුණා.