Friday, April 26, 2024

General line - 0115112241

ගීතාට ලැබුණු තීන්දුව ගැන පාර්ලිමේන්තු මහලේකම් කරුණු පැහැදිළි කරයි




ගීතා කුමාරසිංහ මන්තී‍්‍රවරිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව මෙතෙක් නිල වශයෙන් තමන්ට ලැබී නොමැති බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පවසනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදි පාර්ලිමේන්තු මහලේකම්වරයා කියාසිටියේ අදාළ තීන්දුව නිල වශයෙන් ලැබුණු පසු ඒ පිළිබඳ නීතිපතිවරයාගෙන්ද අදහස් විමසීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේවෙතත් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට හැකි බැවින් එතෙක් පවතින නෛතික තත්ත්වය වෙනස් නොවනු ඇතැයිද පාර්ලිමේන්තු මහලේකම්වරයා නෙත් නිවුස් වෙත කියාසිටියා.