Friday, April 26, 2024

General line - 0115112241

මාලිංගගෙන් තවත් වාර්තාවක්




අයි පී එල් ක‍්‍රිකට් ඉතිහාසයේ කඩුලූ 150ක් දවා ගත් පළමු පන්දු යවන්නා ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංග ඊයේ වාර්තා පොත් අතරට එක් වුණා. 

ඒ ඊයේ පැවති තරගයේ දී දිල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලූ 02ක් දවා ගැනීමත් සමගින්.

ලසිත් මාලිංග මේ වනවිට අයි පී එල් තරග 105කට එක්වෙමින් බිද හෙළා ඇති කඩුලූ සංඛ්‍යාව 151ක්. 

මේ අතර ඊයේ පැවති තරගයේදී දිල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 146ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා. 

එය වාර්තා පොත් අතරට එක් වූයේ අයි පී එල් ක‍්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලද දැවැන්තම ජයග‍්‍රහණය ලෙසටයි. 

මෙම තරගය ජය ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර අයි පී එල් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් වටයට ද සුදුසුකම් ලබා ගත්තා.