Saturday, April 27, 2024

General line - 0115112241

බි‍්‍රතාන්‍යයේ කෝටිපතියන්ගේ ලැයිස්තුවේ පළමු තැන ඉන්දීය සහෝදරයින් දෙදෙනෙකුට




බි‍්‍රතාන්‍යයේ වැඩිම ආදායමක් ලබන, එනම් බිලියනපතියන්ගේ ලැයිස්තුව අද එළිදක්වනු ලැබුවා. 

එහි පළමු තැන හිමිකරගෙන ඇත්තේ ශ‍්‍රී සහ ගෝපි නම් වූ ඉන්දීය සහෝදරයින් දෙදෙනායි. 

ඔවුන්ගේ වත්කම් ප‍්‍රමාණය බි‍්‍රතාන්‍ය පවුම් බිලියන 17කට ආසන්නයි. 

මෙම සහෝදරයින් බි‍්‍රතාන්‍ය තුළ දේපල, සෞඛ්‍ය, තෙල් සහ ගෑස් යන ව්‍යාපාර සිදු කරමින් සිටිනවා. 

බි‍්‍රතාන්‍යයේ බිලියනපතියන්ගේ ලැයිස්තුවට 134 දෙනෙකු ඇතුළත්. 

නවක සංගීත ශිල්පිනියක් වන වයිල් ඇඩෙල් ද මෙම බිලියනපතියන්ගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.