Friday, April 26, 2024

General line - 0115112241

වැල්ලවත්ත ගොඩනැගිල්ලට යට වූ තවත් මළ සිරුරක් හමු වෙයි (UPDATE) - (VIDEO/PHOTOS)




වැල්ලවත්තේ ඉකුත්දා කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී තිබූ තවත් මළ සිරුරක් අද (20) පස්වරුවේ සොයා ගැණුනා. 

ඒ, පොලිසිය සහ ගිනි නිවිමේ ඒකකයේ නිළධාරීන් එකක්ව කළ මෙහෙයුමකින් අනතුරුවයි. 

මිය ගොස් ඇත්තේ විසි හැවිරිදි පුද්ගලයෙක්.  

මෙම ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පුද්ගලයන් විසිතුන් දෙනෙකු තුවාල ලැබූ අතර එක් අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. 

---------------------------------------------------

වැල්ලවත්ත ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් (19-05-2017 11:54am)

වැල්ලවත්ත ප‍්‍රදේශයේදී ඊයේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන් බුන් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිටත් සිදු කෙරෙනවා. 

ඒ සඳහා යුද හමුදාවේ ද සහය ලබා ගැනෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. 

ගොඩනැගිලි සුන්බුන්වලට යට වූ පුද්ගලයින් සෙවීම සඳහා ද මෙහෙයුම් ක‍්‍රියාත්මකයි. 

ගොඩනැගිල්ල කඩා වැටීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් අට දෙනෙකු කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප‍්‍රතිකාර ලබනවා. 

ඊයේ රාත‍්‍රීයේ මුදා ගැණුනු එක් පුද්ගලයෙකු රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගියා. 

31 හැවිරිදි ඔහු හසලක ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

තුවාල ලැබූ තවත් 11 දෙනෙකු කළුබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

----------------------------------------- 

(18-05-2017 12:18PM)

කඩා වැටුණු වැල්ලවත්තේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. 

තවත් තිදෙනෙකු සුන්බුන් අතර සිර වී සිටින බවට විශ්වාස කෙරෙන බවයි වැල්ලවත්ත පොලිසියේ ප්‍රකාශයෙකු පැවසුවේ.

 ඉන් එක් අයෙකු මුදා ගැනීමේ කටයුතු මේ වනවිටත් සිදු කරන අතර අනෙක් දෙදෙනා පිළිබද කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළා. මුදා ගැනීමේ කටයුතු සදහා යුද හමුදාව, පොලිසිය හා ගිනි නිවීමේ ඒකකය එක්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. 

ගොඩනැගිල්ල කඩා වැටීම හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිඛෙනවා. ඉන් 09 දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේයි. තුවාල ලැබූ තවත් 11 දෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. 








 

----------------------------------------------------------------------------------------------------------------------

කඩා වැටුණු ගොඩනැගිල්ලට සිරවී සිටින පිරිස් සොයා මෙහෙයුම් අරඹයි (PHOTOS)

(2017 - 05 - 18 12.18PM)

වැල්ලවත්ත ප්‍රදේශයේ සැවෝයි සිනමාහල ආසන්නයේ ඉදිකරමින් පැවැති මහල් කිහිපයකින් සමන්විත ගොඩනැගිල්ලක් කඩා වැටීමේ සිද්ධියෙන් මේ වන විට 25 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා ‍වනවා.

ඒ අතරින් පුද්ගලයින් අට දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බවයි ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමිදි සමරකෝන් සඳහන් කළේ. තුවාල ලැබූ පුද්ගලයින් 13 දෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත්කර තිබෙනවා. 

කඩා වැටුණු ගොඩනැගිල්ලේ තවත් කිසිවෙකු සිරවී සිටින්නේ නම් ඔවුන් බේරා ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්, පොලිසිය සහ ගිනිනිවීමේ ඒකක මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.