Saturday, April 27, 2024

General line - 0115112241

පුංචි ආණ්ඩු 23 ක නිල කාලය අවසන්




මහනගර සභා ඇතුළු පළාත් පාලන ආයතන 23 ක නිල කාලය අදින් (30) අවසන් වනවා.

එ් අනුව එ්වායේ නිල කාලය තවදුරටත් දීර්ඝ නොකර එහි පාලන කටයුතු විශේෂ කොමසාරිස්වරුන් යටතට පත් කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

දිවයින පුරා පළාත් පාලන ආයතන 336 ක් අතරින් 313 කම නිල කාලය මේ වන විට අවසන් වී තිබෙනවා. අදින් නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන අතර ප‍්‍රාදේශීය සභා 5 ක්, එක් නගර සභාවක් සහ මහනගර සභා 17 ක් වනවා. කොටිකාවත්ත මුල්ලේරියාව, කුණ්ඩසාලේ, කඩවත් සතර, ගඟවට කෝරලේ, සූරියවැව සහ හම්බන්තොට යන ප‍්‍රාදේශීය සභා ඊට අයත්.

කොළඹ, ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල – ගල්කිස්ස, මොරටුව, ගම්පහ, මීගමුව, කුරුණෑගල, මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල සහ රත්නපුර යන මහනගර සභාවල නිල කාලයද අදින් අවසන් වනවා.

ඊට අමතරව අනුරාධපුර, කල්මුනේ, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන මහ නගර සභාවල නිල කාලයද අදින් අවසන් වනු ඇති. කොලොන්නාව නගර සභාවේ නිල කාලයද අදින් අවසන් වනවා.