Thursday, February 22, 2018
Hotline - 0770586666

ගුවන් යානයක දුමාරයක් හේතුවෙන් කටුනායකට ගොඩ බස්වයි

4164Views

 

තායිලන්තයේ සිට දෝහා බලා පියාසර කරමින් තිබූ බෝයිං 787 කටාර් එයාවේස් ගුවන් යානයක් හදිසියේ ඇතිවූ දුමාරයක් හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලට ගොඩ බස්වා තිබෙනවා.

මගීන් 208ක් සහ කාර්ය මණ්ඩලයේ 15 දෙනකු යානයේ සිට ඇති අතර ඔවුන් ආරක්ෂිතව ඉවත් කරමින් සිටිනවා.