Friday, April 26, 2024

General line - 0115112241

මෛත‍්‍රී - රනිල් වෙනුවට වෙන කවුරුහරි ආවත් අමාරුයි




වර්තමානයේ එළඹ තිබෙන්නේ ඉතා ඉවසීමෙන් කටයුතු කළ යුතු කාල වකවානුවක් බව රාජය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසනවා. මෙය අති දුෂ්කර කාල පරිච්ඡේදයක් බවත් මෛත‍්‍රී - රනිල් ආන්ඩුව වෙනුවට වෙනත් නායකයෙකු පැමිණියත් එම අභියෝගයට මුහුණ දීමට සිදු වන බවයි ඔහු පෙන්වා දෙන්නේ. දුෂ්කරතා සහ අභියෝග පිලිබඳ නිසි අවධානය යොමු කරමින් ඒවා ජය ගැනීමට සැලසුම් කිරිම වැදගත් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

කටු අතුවල මල් පිබිදවීමට සිදුව ඇති කාල පරිච්ඡ්දයක් ලෙසින් වර්තමාන හැඳින්විය හැකි බවයි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ  බණ්ඩාර සඳහන්කළේ. ආනමඩුව නවගත්තේගම ප‍්‍රදේශයේ උත්සවයකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.