Friday, April 26, 2024

General line - 0115112241

හොරෙන් ගෙනා වස තොගයක් පොලිස් අත්අඩංගුවට




තීරු බදු රහිතව මෙරටට ආනනයනය කරන ලද පලිබෝධ නාශක තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දිඹුලපතන පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි.

තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද පලිබෝධ නාශක ලීටර් 02ක් බැගීන් වූ කෑන් 144ක්, බලපත‍්‍ර නොමැතිව ප‍්‍රමිතියෙන් තොරව නිශ්පාදනය කරන ලද ලීටර් 02 බැගින් වූ කෑන් 13ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු හතලිස් දෙහැවිරිදි කොටගල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ඔහු අද හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.