Saturday, April 27, 2024

General line - 0115112241

වෙනස හෙටයි - ඇමති අමරවීර හෙළි කරයි




බොහෝ දුරට හෙට (22) දිනයේ කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු විය හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු කියා සිටියේ ආණ්ඩුවේ ඉදිරි ගමන හා පක්ෂයේ ඉදිරි ගමන ඇතුළු දේශපාලන කරුණු රැසක් පිළිබඳ ජනාධිපතිවරයා සමග හෙට දිනයේ සාකච්ඡා කරන බවයි.

ඒ අනුව හෙට දිනයෙන් පසුව රටේ වෙනසක් සිදුවිය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළා. අලුත් ගමනක වැඩපිළිවෙලක් ඒ සමගම සකස් වන බවයි ඔහු පැවසුවේ.

එය රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන ගමනක් වනු ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. බොහෝ දෙනා බලාපොරොත්තු වන පරිදි කැබිනට් මණ්ඩලයේ වෙනසක් හෙට දිනයේ සිදුවීමේ හැකියාවක් පවතින බවයි අමාත්‍ය මහින්ද අමරවිර වැඩිදුරටත් කියා සිටියේ. ඒ, අද පස්වරුවේ අගුණකොලපැලැස්සේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.