Saturday, April 27, 2024

General line - 0115112241

රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමති පුටුත් මාරු කරන්න ජනපති තීරණය කරයි




ඉදිරියේදී නියෝජ්‍ය අමාත්‍ය ධූර සහ රාජ්‍ය අමාත්‍ය ධුරවලද සංශෝධනයක් සිදු කරන බව ජනාධිපතිවරයා සිය කතාවේදී ප‍්‍රකාශ කළ බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සඳහන් කළා.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "නියෝජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු සම්බන්ධයෙන් වෙනස්කම් කිහිපයකුත් ඒ වගේම වැඩ වෙන් කිරීම සම්බන්ධයෙන් වෙනස්කම් කිහිපයකුත් සිදු කිරීමට නියමිත බව ජනාධිපතිතුමා සඳහන් කළා. ඉදිරි දින කිහිපය තුළ එම වෙනස්කම් සිදු කෙරෙනවා." යනුවෙනි.

කැබිනට් අමාත්‍යවරුන්ගේ සංශෝධනයෙන් පසු අරලිය ගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව පිටව යන අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.