Friday, April 26, 2024

General line - 0115112241

බන්ධනාගාර බස් රථයට වෙඩි තබා සමයං ඇතුළු 07 ක් ඝාතනයේ මහමොළකරු අංගොඩ ලොක්කා කොටු වෙයි




පාතාල කල්ලි නායක සමයං ඇතුලු 07 දෙනෙකු කළුතරදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන අංගොඩ ලොක්කා නැමැති පාතාල කල්ලි නායකයා ඉන්දියාවේදී අත්අඩංගුව ගෙන තිබෙනවා.

ඔහු සමග තවත් අයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

සැකකරුවන් ඉන්දියාවේ චෙන්නායයිහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවෙන්නේ.

කළුතර වෙඩි තැබීම සිදු වූ දිනයේදීම හෝ ඊට ආසන්න දිනකදී සැකකරුවන් කල්පිටිය ප්‍රදේශයෙන් බෝට්ටුවක් මගින් ඉන්දියාවට පළා ගොස් තිබෙනවා.

පසුව ව්‍යාජ ගමන් බලපත්‍රයක්ද සකස් කරගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

සැකකරුවන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් ඔවුන්ගේ ඡායාරූප සහ වෙනත් තොරතුරු ගෙන්වා ගැනීමට ඉන්දියාව මේ වන විට කටයුතු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.