Saturday, April 27, 2024

General line - 0115112241

ජනාධිපති අද ඔස්ටේ‍්‍රලියාවට යයි




තෙදින නිළ රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්ව යනවා. 

ඒ, එරට අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්ගෙන් ලද විශේෂ ආරාධනයකට අනුවයි. 

1954 වසරේ දී හිටපු අග‍්‍රාමාත්‍යවරයෙකු වන ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ඔස්ටේ‍්‍රලියානු රජයෙන් ලද ආරාධනයක් අනුව එරට නිළ සංචාරයක නිරත වුණා. 

එහෙත් නිදහස් ශ‍්‍රී ලංකාවේ කිසිදු රාජ්‍ය නායකයෙකුට ඉන් පසු මේ දක්වා ඔස්ටේ‍්‍රලියානු රජයෙන් රාජ්‍ය සංචාරයක් සඳහා එලෙස ආරාධනා ලැබී නැහැ. 

ඒ අනුව, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මෙම ඔස්ටේ‍්‍රලියානු රාජ්‍ය සංචාරය සුවිශේෂි එකක් වන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ. 

දෙරට අතර වසර 40ක් තිස්සේ පැවති සවිමත් සබඳතාවල සිඝ‍්‍ර වර්ධනයක් ඉකුත් වසර 02 තුළදී දක්නට ලැබුණා. 

රාජ්‍ය තාන්ත‍්‍රික හමුවලදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ ඔස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාද පවත්වා තිබෙනවා. 

ආරක්ෂක ක්ෂේත‍්‍රවලදී මෙන්ම මිනිස් ජාවාරම මැඩ පැවැත්වීම සඳහා ද ඔස්ටේ‍්‍රලියාව ශ‍්‍රී ලංකාවට දැඩි සහයෝගයක් ලබා දෙනු ලැබුවා. 

ජනාධිපතිවරයාගේ මෙම ඔස්ටේ‍්‍රලියානු රාජ්‍ය සංචාරයේදී තවත් ක්ෂේත‍්‍ර ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු වනු ඇති බවයි වාර්තා වන්නේ.