Saturday, April 27, 2024

General line - 0115112241

මලල කී‍්‍රඩා බලධාරීන්ගේ ඇස් ඇරෙයි - පළමු වරට තිදෙනෙකුට අන්තර්ජාතික තරග වරම් (PHOTOS)




තායිලන්ත විවෘත මලල කී‍්‍රඩා තරගාවලිය සදහා සහභාගිවන ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා කණ්ඩායම  නම් කර තිබෙනවා. 

මීට පෙර අන්තර් ජාතික මලල කී‍්‍රඩා තරග වරම් නොලද ජාතික මට්ටමේ දක්ෂතා දැක්වූ මලල කී‍්‍රඩිකාවන් දෙදෙනෙකු සහ කී‍්‍රඩකයෙකු එ් අතර සිටීම විශේෂත්වයක්. 

රිටි පැනීමේ ජාතික ශූරියවන යාපනයේ අනීතා ජෙගදීෂ්වරම් ද පළමුවරට අන්තර් ජාතික මලල කී‍්‍රඩා තරගාවලියක් සදහා මෙවර සහභාගි වනවා. 

දස ප්‍රයාම ඉසව්වේ ජාතික ශූරයාවන අජිත් කුමාරකරුණාතිලක අන්තර්ජාතික මලල කී‍්‍රඩා අත්දැකීමක් ලබා ගැනීම සදහා මෙවර තායිලන්ත විවෘත මලල කී‍්‍රඩා තරගාවලියට එක් වන්නේ පළමුවරටයි. 

මිටිය විසි කිරීමේ ජාතික ශූරියවන අයේෂා මදුවන්ති ද මෙවර තායිලන්ත විවෘත මලල කී‍්‍රඩා තරගාවලිය සඳහා සහභාගි වන අතර එය ඇගේ ද පළමු අන්තර් ජාතික තරග ඇත්දැකීම වනවා. 

ජාතික මට්ටමේ දක්ෂතා දක්වන ඇතැම් ඉසව් සදහා මලල කී‍්‍රඩා බලධාරීන් වැඩි සැලකිල්ලක් නොදක්වන බව නෙත් ස්පෝර්ට්ස්මන් මීට පෙර අනාවරණ කළා. 

ආසියානු ශූරතා මලල කි‍්‍රඩා තරගාවලිය ආරම්භවීමට පෙර ජාතික මට්ටමේ දක්ෂතා දක්වන එවැනි කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සදහා අන්තර් ජතික තරග අත්දැකීමක් ලබා දීමට බලධාරීන් කටයුතු කිරීම පැසසිය යුතුයි. 

කී‍්‍රඩා බලධාරීන් අවධානය යොමු නොකරන ඉසව් පිළිබද කරුණු අනාවරණ කිරීම සම්බන්ධයෙන් ඇය නෙත් ස්පෝර්ට්ස්මන් වෙත සිය ස්තිතුයිද පුද කළා.