Saturday, April 27, 2024

General line - 0115112241

ඥාණසාර හිමි අසනීපෙන්




හෝමාගම අධිකරණ පරිශ‍්‍රයේ දී කළහකාරී ලෙස හැසිරී අධිකරණයට අපහාස කළ බවට බොදුබල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට පවරා ඇති නඩුව අභියාචනාධිකරණයේ දී අද (24) නැවත කැඳවූවා.

කෙසේ වෙතත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙම නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය පැවසුවේ උන්වහන්සේ අසනීප තත්වයකින් පසුවන බවයි.

මීළග නඩු දිනයේ දී උන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් කරන බවද ඒ සමගම අසනීප තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන බවද නීතිඥවරිය පැවසුවා.

ඒ අනුව මෙම නඩුව ලබන 31 වැනිදා යළි කැඳවීමටයි අභියාචනාධිකරණය තීරණය කළේ. එදිනට නඩුව විභාග කිරීම සඳහා නව විනිසුරු මණ්ඩලයක් පත් කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.