Saturday, April 27, 2024

General line - 0115112241

වැස්ස නිසා දකුණේ ආපදා




ඇද හැලෙමින් තිබෙන මහ වැසි හේතුවෙන් ගාල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයක ආපදා තත්ත්වයන් වාර්තා වෙනවා.

ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හිනිදුම තානායම අසළ පාළම ආසන්නයේ අධි බලැති විදුලි කණුවක් කඩා වැටීම හේතුවෙන් හානි සිදුව තිබෙනවා.

තවලම බටහේන මාර්ගයේ ස්ථාන කිඑිපයකට පස්කඳු කඩා වැටීම හේතුවෙන් මාර්ග ධාවනයටද බාධා එල්ල වී තිබෙනවා.

නෙළුව පැළවත්ත මාර්ගයේ තැනින් තැන පසු කඳු කඩා වැටී ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර රට පුරා ප‍්‍රදේශ රැසක අද (24) සිට වැසි සහ සුළං වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිරිත දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වීම මීට හේතුවයි. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ද ඉක්ම වූ වැසි අපේක්ෂා කෙරෙනවා.

පවතින වැසි තත්ත්වයන් හේතුවෙන් සිදුවන ආපදා සැළකිල්ලට ගනිමින් මහජනතාවට වඩාත් ආරක්ෂාකාරීව සිය දෛනික කටයුතු සිදු කරන ලෙසද දැනුම් දෙනවා.