Friday, April 26, 2024

General line - 0115112241

ආපදා හේතුවෙන් පුද්ගලයින් ලක්‍ෂ 2 කට අධික පිරිසක් පීඩාවේ - මරණ 100 යි




ගංගා කිහිපයක් පිටාර ගැලීමෙන් හා නායයාම් හේතුවෙන් පුද්ගලයින් ලක්‍ෂ 3 කට අධික පිරිසක් විපතට පත්ව සිටිනවා. 

වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ රත්නපුර, කළුතර, මාතර සහ ගාල්ලටයි. 

ආපදා මරණ 100ක් දැනට වාර්තා වී තිබෙනවා. 

අතුරුදන් ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 110 ට අධිකයි. 

කළුතර දිස්ති‍්‍රක්කයේ පමණක් ආපදා මරණ 36 ක් වාර්තා වන බවයි දිස්ති‍්‍රක් ලේකම් යූ ඞී සී ජයලාල් නෙත් නිවුස් වෙත පැවසුවේ.

මින් බුලත්සිංහල ප්‍රදේශයට වැඩිම හානි වී තිබෙන බවත්, පීඩාවට පත් වූවන්නට සහන සැලසීමට කටයුතු යොදා තිබෙන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.

මාතර දිස්ති‍්‍රක්කයේ ආපදා හේතුවෙන් පුද්ගල මරණ 11 ක් වාර්තා වී ඇති බව දිස්ති‍්‍රක් ලේකම් ප‍්‍රදීප් රත්නායක පැවසුවා.

ගාල්ල දිස්ති‍්‍රක්කයේ ප‍්‍රදේශ රැසකටද ජල ගැලීම් හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බව ගාල්ල දිස්ති‍්‍රක් ලේකම්වරයා සඳහන් කළා.

ගිං ගග ආශ්‍රීත ප්‍රාදේශීය කොට්ඨාශ වලට මින් දැඩි බලපෑමක් ඇති වී ඇති බවත් පවුල් 32000 අධික පිරිසක් අවතැන් වී ඇති බවත් මෙහිදී ඔහු පැවසුවා