Saturday, April 27, 2024

General line - 0115112241

ගුවනින් වැටුණ සෙබළා දිවියෙන් සමුගනී (PHOTOS)




ගාල්ල නෙළුව ප‍්‍රදේශයේ ආපදාවට පත් කණ්ඩායමක් බේරා ගැනීමේ මෙහෙයුමක නිරත වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානයකින් බිම ඇද වැටුණු ගුවන් හමුදා සෙබළා ජීවිතක්‍ෂයට පත්වී තිබෙනවා.

ගංවතුරට ගොදුරු වූ පුද්ගලයෙකු කේබලයක ආධාරයෙන් ගුවනින් ගෙනයමින් සිටියදී ඔහු බිම වැටුණු බවයි පොලීසිය පැවසුවේ.

මෙසේ මියගොස් ඇත්තේ වයි. එම්. එස්. යාපාරත්න (38) නමැති සහන සේවා ගුවන් භටයෙකි.

දූලිඇල්ල තේකර්මාන්ත ශාලාවේ  කොටුවී සිටි කාන්තාවන් දෙදෙනකුගෙන් අයකු බේරාගෙන හෙලිකොප්ටරයට දමා අනෙක් කාන්තාව බේරාගැනීමට කේබල් ආධාරයෙන් පහළ බසිද්දී මෙම ගුවන් භටයා අඩි 30ක් පමණ ඉහළ සිට ඇද වැටී තිබේ. 

පසුව වෙනත් ගුවන් භටයකු විසින් ඔහු බේරාගෙන  කරාපිටිය රෝහලේ ඇතුළත් කරන ලදි.