Saturday, April 27, 2024

General line - 0115112241

ආපදාවට ලක්වූ ප‍්‍රදේශවලට විශේෂ වෛද්‍ය කණ්ඩායම් පිටත් වෙයි




පීඩාවට පත්ව සිටින ජනතාවගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කිරීම සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් අදාළ ප‍්‍රදේශවලට පිටත් කර යවා තිබෙනවා. 

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ ආපදාවට ලක්වූ ප‍්‍රදේශවලින් මෙතෙක් කිසිදු බෝවන රෝග තත්වයක් වාර්තා වී නොමැති බවයි. 

ඉදිරියේ දී එවැනි තත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා උපරිම පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළා.