Friday, April 26, 2024

General line - 0115112241

ඉදිරි පැය විසි හතරේ වැස්ස ගැන නිවේදනය කරයි




දිවයිනේ පළාත් කිහිපයකට ඉදිරි පැය 24දී තරමක තද වැසි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැසුකුවෙල් සඳහන් කළේ දකුණු පළාතේ, මාතලේ, ත්‍රිකුණාමලය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ තරමක් තද සුළං ඇති විය හැකි බවයි. සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වෙන බවත් ඇතැම්විට මිලිමීටර් 75 ක පමණ තරමක් තද වැසිද ඇති විය හැකි බවයි පෙන්වා දෙන්නේ. බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි අපේක්ෂා කරන බවත් ඌව පළාත, මඩකලපුව සහ අම්පාරේ සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සඳහන් කලා. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ මේ වනවිට ගංවතුර සහ නායයෑම් ආපදා හේතුවෙන් සිදුව ඇති මරණ ගණන 203ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. 

අතුරුදන් වූවන් 96 ක් තුවාල ලද පුද්ගලයන් 63ක් පුද්ගලයින් ලක්ෂ 06 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවත් සඳහන් කෙරුණා. නිවාස 1509 ක් පූර්ණ හානි වශයෙන්ද නිවාස 7643 ක් අර්ධ හානි වශයෙන්ද වාර්තා වී තිබෙනවා.

ඇතැම් ප්‍රදේශවල තවදුරටත් ජලය බැස යෑමේ ප්‍රමාදයන් පවතින බවත් සඳහන් කෙරුණා.