Friday, April 26, 2024

General line - 0115112241

ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු ජනාධිපති කාර්යාලයට කැඳවයි




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ හදිසි කැඳවීමක් මත ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම අද (01) දහවල් ජනාධිපති කාර්යාලයට රැස්වුණා.

ඒ, විශේෂ සාකච්ඡාවක් සඳහායි. 

අයහපත් කාලගුණයත් සමග රට තුළ මතුව ඇති ආපදා තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම රැස්වීම කැඳවා ඇති බවයි ඊට එක්ව සිටින මන්ත‍්‍රීවරුන් සඳහන් කළේ.

පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලෙහි ප‍්‍රගතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා. 

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු නියෝජිතයින් ඊට එක්ව සිටින බව නෙත් නිවුස් කළ විමසීමක දී සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක සඳහන් කළා.