Saturday, April 27, 2024

General line - 0115112241

කඳුකරය ඉතා අවධානම් තත්වයක - පාඨලී හෙළි කරයි




මෙරට ආපදා අවම කරගැනීමට නිශ්චිත කාලගුණ අනාවැකි අවශ්‍ය වන බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසනවා. 

සරළ අනාවැකිවලින් පමණක් ආපදා කළමණාකරණය කිරීමට හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. 

අනතුරුදායක ප‍්‍රදේශ හදුනාගනිමින් ආරක්ෂණ මධ්‍යස්ථාන ඇති කිරීමට ඉදිරියේදී යෝජනා කරන බවද අමාත්‍යවරයා කියා සිටියා. 

ඉකුත්දා ආපදාවලට ලක් වූ ප‍්‍රදේශවලට ඇදහැලූණු වර්ෂාවට සමාන වර්ෂාවක් නුවරඑළිය හා අවට කදුකර ප‍්‍රදේශවලට ඇද හැළුණහොත් ඉතා භයානක තත්ත්වයක් ඇති විය හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

පසුගිය දශක 3 ඇතුළත නුවරඑළිය දිස්ත්‍රික්කයේ මීටරයක පමණ පාංශු ඛාදනයක් සිදුව ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කළේ