Saturday, April 27, 2024

General line - 0115112241

ලොරික් ගැටිමෙන් විදුලි කණු හා විදුලි රැහැන් කඩාගෙන වැටෙයි (PHOTOS)




ගලෙන්බිදුණුවැව , අනුරාධපුර මාර්ගයේ අශ්වයාබැදිවැව දී ගලෙන්බිදුණුවැව සිට අනුරාධපුර දෙසට ධාවන වු ලොරියක් විදුලි කණුවක හැපි විදුළි කණුව හා විදුලි රැහැන්ද ඇවැටි ඇති අතර එම ප්‍රදේශයේ විදුලිය විසංදී වි ඇත.

මේ අයුරින් රිය අනතුර වී ඇත්තේ කැගල්ලේ පදිංච් අයෙකු පැදවු රථයක් වන අතර ඔවුන් මෙම ප්‍රදේශයේ පාසලක කොන්ත්‍රත්තුවක් සිදු කරන බවත් ඒයට අවශ්‍ය අමුදෘවය රැගෙන එමට යාමේදී මෙම අනතුර වී ඇත.

සිද්ධියට අදාලව පරික්ෂන ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානය මගින් සිදු කරණ අතර පොලිසිය සදහන් කලේ වාහනයේ ටයර් රොට් යාම හෙතුවෙන් පාරෙන් ඉවතට පැන රියදුරාට වාහනය පාලනය කර ගැනීමට නොහැකිව විදුලි කණුවේ වැදිමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

රියදුරැගේ පාදයට හානි සිදුව ඇති අතර ලොරි රතයට දැඩි හානි සිදුව ඇත.

රියදුරැ හා ලොරි රථය පොලිස් භාරයට ගෙන ඇත.