Saturday, April 27, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් 06 ක් මරුට - 20 කට තුවාල




බ්‍රිතාන්‍යයේ ලන්ඩන් පාලම මත සිටි පුද්ගලයන් වෙත වෑන් රථයක් ධාවනය කිරීමෙන් සහ ඒ ආසන්නයේ පිහිටි බොරෝ මාර්කට් ප්‍රදේශයේ පිහිටි පිරිසකට එල්ල වූ ප්‍රහාරයෙන් 06 දෙනකු මියගොස් ඇතැයි විදෙස් නවතම වාර්තා පෙන්වා දෙනවා.

මෙම සිදුවීමෙන් 20කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වුණා.

බ්‍රිතාන්‍ය බලධාරීන් මෙම සිදුවීම ත්‍රස්ත ප්‍රහාරයක් බවයි ප්‍රකාශ කළේ.  එමෙන්ම බලධාරීන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ලන්ඩන් වැසියන්ට, ''දුවන්න, සැඟවෙන්න" යනුවෙන් දැනුම් දී තිබුණා.

මෙම ප්‍රහාරය මෑත කාලයේ බ්‍රිතාන්‍යයට එල්ල වූ තෙවැනි මාරාන්තික ප්‍රහාරය වූ අතර මීට සති දෙකකට අඩු කාලයකදී මැන්චෙස්ටර් වෙත එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 22 දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූණා.