Friday, April 26, 2024

General line - 0115112241

ඉඩම් විකුණනවාට ගස් මහණ කරවයි (PHOTOS)




ඌව පළාතට අයත් ඉඩම් අක්කර හැට දෙදහස් පන්සීයක් බහු ජාතික සමගමකට විකීණීමට එරෙහිව පරිසර සංවිධාන තිස්දෙකක්, ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා, ආදිවාසී ජනතාව සහ විශාල පිරිසකගේ සභාගිත්වයෙන් ඊයේ (05) විරෝධතා පා ගමනක් සිදු කෙරුණා.

එහිදී එම ඉඩම්වල ගස් මහණ කීරීමේ කටයුත්තක් ද සිදු කරුණා.

බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දෙහිගම ප්‍රදේශයේ දී මෙම පිංකම පැවැත් වුණා.

එම ප්‍රදේශයේ ඉඩම්වල දැනට පිහිටා තිබෙන ගස් පිරිත් සජ්ජායනා මධ්‍යයේ මහණ කීරිමේ කටයුත්තෙන් පසුව එම අවස්ථාව සඳහා වැඩම කල ස්වාමීන් වහන්සේලා දහවල් ධානය ද එම ස්ථානය තුලදීම පිළිගැන්වුණා.

පසුව මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වමින් ඌව පලාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න අදහස් පළ කළා.

"මේක අභිමානවත් පලාතක්. අපි වෙල්ලස්ස කැරැල්ල කරලා අවුරුදු දෙසියක් සපිරෙන මේ මොහොතේ නැවත වරක් අපේ වෙල්ලස්සේ ඉඩම් බහු ජාතික විදේශීය සමගාම්වලට විකිණීමට මේ රජය ගෙන ඇති තීරණය අපි දැඩි ලෙස හෙලා දකිනවා. ඒ විතරක් නෙමෙයි අපි කියන්නේ උක් වගාවන් නෙමෙයි කිසිම වගාවක් කරන්න මේ හතර සීමාවට එන්න එපා කියලා. එහෙම එන්න අපි ඉඩ දෙන්නෙත් නෑ. ගිය ආණ්ඩුවත් එකයි මේ ආණ්ඩුවත් එකයි." යනුවෙනි. 

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ඌව නැගෙනහිර දෙපලාතේ ප්‍රධාන සංඝනායක බදුලුගම්මන සුමනසාර නායක ස්වාමීන් වහන්සේ ද සහභාගි වී සිටියා.

එහිදී උන්වහන්සේ කියා සිටියේ තමා වර්තමාන ජනාධිපතිතුමා විශ්වාස කල බවත් ඔහු පරිසර ඇමති හැටියට මේ කරන විනාශය බලා සිටීමට නොහැකි බවයි.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා නිල්ගල ආදිවාසී නායකයා සහ පරිසර යුක්ති කේන්ද්‍රයේ නිලධාරින් පිරිසක් ද සහභාගි වුණා.